Thursday, August 14, 2025
Follow Us
ඇමති සහ ගුරු සංගම් අතර සාකච්ඡා අසාර්ථකයි

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ ගුරු සංගම් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්ව සිදුකරන වර්ජනය තව දුරටත් 


ඒ අනුව දැනට ක්‍රියාත්මක මාර්ගගත ගුරු වර්ජනය ඉදිරියටත් කරගෙන යන අතර ‍අනිද්දා (22) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ඔහු සඳහන් කළේය.

අද පෙරවරුවේ පැවැති එම සාකච්ඡාවේදි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ගුරුවරුන්ට දැනට පවතින වැටුප් විෂමතා ගැටළු විසදීමේ යෝජනාවක් ලබන 26 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

කෙසේ වෙතත් පොරොන්දු වූ ස්ථීර විසදුම් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බව ලංකා ගුරු සේවා සංගමය සදහන් කරයි.

ගුරු සංගම් වර්ජනය ආරම්භ කිරීමත් සමග පසුගිය 12වනදා සිට මාර්ගගත ක්‍රමයෙන් දරුවන්ට කළ ඉගැන්වීම් කටයුතු ද මේ දක්වා නතර වී තිබේ.

(Aruna)