Thursday, August 14, 2025
Follow Us
ඕනෑම පාට සිලින්ඩරයකට ගෑස් දෙන්න ලිට්‍රෝ සූදානම්

වෙළෙද පොළේ ගෑස් හිඟයකට ඉඩ නොතබන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සදහන් කළේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත්, මෙම තත්ත්වය ආවරණය කිරීම සදහ හැකියාව ලිට්‍රෝ ගෑස් සමාගම සතුව ඇති බවයි.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති, ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බව ඒ මහතා සදහන් කරයි.

ඒ සදහා අවශ්‍ය කරන ගෑස් තොග ද ලිට්‍රෝ ගෑස් සමාගම සතුව මේ වන විටත් ඇති නමුත්, ඉදිරියේදී අවශ්‍ය වන අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට ඇති වෙළෙපල හැකියාව සහ සැපයුම් ජාලය තම ආයතනය සතු බව තෙෂාර ජයසිංහ මහතා එම නිවේදනය මගින් සදහන් කරයි.

මේ හේතුවෙන් වෙළෙදපොළ තුළ කිසියම් ආකාරයේ හෝ ගෑස් හිගයක් ඇති වීම සිදු නොවන අතර, ඒ පිළිබදව මහජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)