සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් 95%කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
මෙම සයිනොෆාම් කොවිඩ් එන්නත ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන්ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
(Aruna)