Wednesday, August 13, 2025
Follow Us
බූස්ස බන්ධනාගාරයේ කොරෝනා තත්ත්වය තවත් ඉහලට

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 51 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණු ලබන රැදවියන්
බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරණ අතර පසුගිය (16) වෙනිදා රැඳවියන් පනස්හය දෙදෙනෙකුට සිදුකරනු
ලැබූ පි.සි.ආර්. පරික්ෂණවල ප්‍රථිපල ඊයේ (18) වන දින ලැබී ඇත.

එම ප්‍රථිපල අනුව රැදවියන් 34 දෙනෙකු අගුනුකොලපැලැස්ස බන්ධනාගාර ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ද ඉතිරි 17 දෙනා බූස්ස බන්ධනාගාරයේ ම රඳවා තැබීමටත් කටයුතු යොදා ඇත .

කොරෝනා ආසාදිත රැදවියන් 51 දෙනා සමගම මෙතෙක් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිත රැඳවියන්
ගණන 768 දක්වා වැඩි වී ඇති බව බන්ධනාගාර අධිකාරිය පවසයි .

(Aruna)