සෞඛ්‍ය නීති කඩමින් කතරගම පෙරහර බලන්න කොළඹ තදයෝ ගිහින්
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය කතරගම ප්‍රදේශවාසීන්ට නැරඹීම තහනම් කර තිබියදී කොළඹ ඇතුළු දුර බැහැර ප්‍රදේශ වල ජනතාවට නැරඹීමට අවස්තාව ලබාදී තිබෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරයි.
දේවාලය වටරවුමේ පදිංචිවී සිටින ජනතාවට පාපැදියකින් යතුරුපැදියකින් වත් ගමන් කිරීමට ඉඩ නොදෙන බව ඔවුහු පවසති.
පළාත් අතර සංචරණ සීමා තිබිය දී බස්නාහිර, දකුණ ඇතුළු දුරබැහැර පළාත්වලට අයත් සුඛෝපභෝගී ජීප් රථ, කාර් යනාදී වාහනවලින් පැමිණෙන විශාල පිරිසක් පූජාභූමි සීමාවේ වාහන නතර කොට දිනපතාම පෙරහැර නරඹන්නෙ කෙසේදැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.
තමා කිසිදු පිටස්තර පුද්ගලයන්ට කතරගම පෙරහර බලන්න ආරාධනා කර නොමැති බවත් කොළඹ සිට ආ වාහන කතරගම පූජා භූමියේ ඇත්නම් දනවන ලෙසත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා සඳහන් කර තිබේ.
(Aruna)