Wednesday, August 13, 2025
Follow Us
කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවන ආසාදිතයන්ගෙන් සියයට 20 ක් වත් ඩෙල්ටා ආසාදිතයන් විය හැකියි

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම යළිත් ඉහළ යමින් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළම වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රියෙනි.

මෙහි ඇති අවදානම් සහගත තත්වය වන්නේ වැඩි ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් බහුරතයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වී තිබීමයි. ඒ අනුව විශේෂයෙන් කොළඹ නාගරික සීමාව තුළ ඩෙල්ටා ආසාදිතයන් තවදුරටත් සිටිය හැකිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතය්න අතර අවම වශයෙන් 20% ක් වත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සිටිය හැකි බවයි.

ඒ නිසා ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවත්, සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කළයුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

(LNW)