Friday, February 27, 2026
Follow Us
ෆයිසර් හා මොඩර්නා එන්නත් ගැබිණි මව්වරුන් ට දිය හැකි ද’ සෙවීමට යෝජනා

ගර්භණී කාන්තාවන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත ලබාදීමට හැකියාවක් පවතීද යන්න පිළිබඳව සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය.

මේ වනවිට මෙරට ගර්භණී මව්වරුන්ට ලබා දෙන්නේ සයිනොෆාම් එන්නත පමණි.

එසේම මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය සමග මේ වන තෙක් කාලසීමාව තුළ ගැබිනි මව්වරු 2250කට පමණ කොවිඩ් ආසාදිත වී ඇති බවත් එම පිරිසෙන් ගැබිනි කාන්තාවන් 13ක් මියගොස් ඇති බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

මේ වන විට ගර්භණී මව්වරු 175ක් පමණ කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන බවද ඇය පැවසුවාය.

(Aruna)