Wednesday, August 13, 2025
Follow Us
ඩෙල්ටා කොවිඩ් ව්‍යාප්තිය ගැන PHI සංගමයෙන් අනතුරු ඇඟවීම්

ඉදිරි දිනයන් තුල ලංකාවට වැඩිම වසංගත බලපෑමක් එල්ලකරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පත්විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරටින් 35 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බව තහවුරු වුවද 250 කට ආසන්න ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම සිටිය හැකි බවය.

එම තත්වය ඉතා භයානක බවත් රජයෙන් සංචරණ සීමා ලිහිල් කරමින් පවතින බවත්, ඒ අනුව ජනතාව වගකීම් විරහිතව කටයුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

මේ තත්ත්වය දරුවන්ටද බලපෑම් ඇති කර විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය රජය සහ ජනතාව භාරගත යුතු බවත් , දෛනිකව ආසාදිතයින් අඩුවීමක් ලෙස කෘතිමව පෙන්වන නමුත් මරණ වල කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බවත්ය.

(Aruna)