දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තොරතුරු ලැබී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවය.
මේ සම්බන්ධයෙන් සොයාබැලීමට තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මින් පෙර දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන ආ “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් ආසාදනය වී තිබුන අතර පසුව එම සිංහයා සමඟ කුඩුවේ සිටි සිංහ ධේනුවට ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගෙන තිබුණි.
(Aruna)