Wednesday, August 13, 2025
Follow Us
පුද්ගලික බස් සේවකයින්ගේ මාස දෙකක වැටුප රජයෙන් ගෙවන ලෙස ඉල්ලීමක්

පුද්ගලික බස් රථ සේවකයන් සඳහා රුපියල් 15,000 බැගින් මාස දෙකක හෝ වැටුපක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

වසරක පමණ කාලයක් තිස්සේ බස් රථ සේවාවලට සම්බන්ධ 60,000ක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව තිබෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කරයි.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අන්තර් පළාත් බස් රථහිමියන් කිහිපදෙනෙකුට පමණක් ප්‍රධාන රෝහල්වලින් සහ රජයේ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා බස් රථ ධාවනයට අවස්ථාව සලසා දී තිබෙන බවය.

(Aruna)