ගුරු සංගම් විසින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකය. මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සඳහන් කරන්නේ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට හේතුවී ඇත්තේ ඉල්ලීම් පිළිබඳව රජය මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම බවය.
විරෝධතා කළ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට විරෝධය පළකරමින් ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
එම ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් සිදුවන වර්ජනය හේතුවෙන් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
(Aruna)