කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල පිළිගතහැකි මට්ටමක නොපවතින බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
එම නිසා ශ්‍රී ලංකාවේ සිට චීනයට ඇතුළුවන පුද්ගලයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අනුමත කර ඇති රෝහල් ලැයිස්තුවෙන් එම රෝහල ඉවත් කරන බවත් තානාපති කාර්යාලය පවසයි.
පසුගිය වකවානුවේ අදාළ රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ කොට කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු වූ පුද්ගලයන් රැසක් චීනයට ඇතුළුවීමෙන් අනතුරුව ආසාදිතයන් බවට අනාවරණය වීම චීනයේ මෙම තීරණයට හේතුවී තිබේ.
එම නිසා ගුවන් මගීන්ගේ, ගුවන් සේවකයන්ගේ සහ අදාළ සියලුම පාර්ශ්වවල ආරක්ෂාව වෙනුවෙන් 2021 ජූලි 13 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරත් ප්‍රකාශ කරයි.
(Aruna)