Sunday, August 10, 2025
Follow Us
සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදුන් මෙරට පුද්ගලයින් ගණන තිස් එක් ලක්ෂය ඉක්මවයි

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලකෂ 73,988 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන තිස් එක් ලක්ෂ 28,403 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 40,276 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එකොළොස් ලක්ෂ 4,496 ක්. පුද්ගලයින් 4,725 දෙනෙකුට ඊයේ දිනයේදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ද ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

(Neth)