ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු මෙරටින් හඳුනාගෙන ඇත. ඉන් එක් පුද්ගලයකු දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කිරිඳිවැල හිත්ඇල්ල තිිවානකන්දෙහි පදිංචි නාවික හමුදා නිලධාරියෙකි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ ප්‍රකාශ කළේ අනෙක් පුද්ගලයා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිදු කළ ජෛව සාම්පල පරීක්ෂාවකදී ඩෙල්ටා ආසාදිතයකු ලෙස හඳුනාගත් බවය. එම ආසාදිතයා කුමන ප්‍රදේශයකද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කරගෙන නැත.
කෙසේ වුවද දොම්පේ තිරිවානාකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ ඩෙල්ටා ආසාදිත නාවික හමුදා නිලධාරියා බූස්ස නාවික හමුදා කඳවුරේ සිට පසුගිය 26 වැනිදා තිරිවානාකන්ද ප්‍රදේශයේ නිවසට පැමිණ පසුගිය 28 වැනිදින යළි කඳවුරට ගොස් ඇත.
මේ සමග නාවික හමුදා නිලධාරියාගේ ගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත බවට තහවුරු 179 කගේ ජෛව සාම්පල ඩෙල්ටා ප්‍රබේධය ඇත්දැයි සොයා බැලීමට වෛද්‍ය පර්‌යේෂණ සඳහා යොමු කර ඇත.
ඩෙල්ටා ප්‍රබේධය ආසාදිත මෙම දෙදෙනා සමග මෙරට දැනට තහවුරු කරගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ.
මුල්වරට දෙමටගොඩ හැටහයවත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 5 දෙනකු හඳුනා ගන්නා ලදී.
ඉන්පසු කොළඹ නගර සීමාව, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයන් 14 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළේය.
(Aruna)