පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පියුමි හංසමාලිලාට එක් ආකාරයකටත් උද්ඝෝෂණවල නියැළෙන සාමාන්‍ය කාන්තාවන්ට වෙනස් ආකාරයකටත් සලකන බව පසුගිය ජුලි 8 වනදා පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අතපය හතරෙන් ඔසවාගෙන ගොස් බස් රථයකට දැමූ වියපත් මාතාව වන ඇසිලින් ද සිල්වා මහත්මිය පවසයි.
"ජුලි 8 වෙනිදා පාර්ලිමේන්තු වටරවුමේදී අපි උද්ඝෝෂණයකට මැදිහත් වුණා. මගෙ අතපය හතර කොටස් හතරක් හැටියට තමයි එදා බස් එකට දැම්මෙ. පොලිස් බස් එකට දැම්මෙ. ඒ දාද්දි අර ඉස්සරහා සීට් එකට දාන්න කියලා එක්කෙනෙක් කියනවා, මම කිව්වෙ ඔය ඉස්සරහා සීට් එකේ දාන්න එපා ඔය සීට් එක අපේ නෙවෙයි මාව බිම තියන්න කියලා. කියනකොටම එයාලා මාව බිමට අතාරිනවා. අතාරිනකොට අර ඩ්‍රයිවර් ළඟ තියෙන යකඩ වැටේ මගෙ ඔළුව වදිනවා. මේ මෙතන මේවා වෙලා තියෙන්නෙ.
පොලිසිය බාර ඇමතිතුමා ළඟ තියෙනවා ඒගොල්ලන්ගෙ මොකක් හරි ක්‍රමවේදයන් දෙකක්. ඒ කියන්නෙ හංසමාලිලා වගේ අයට එක විදියකුත් - අපේ සහෝදරියන් තාමත් අර එදා ඇඳුම් ඇඳගෙන ඉන්නවා, ඒගොල්ලන්ට වෙන විදියකුත්. එහෙම වෙන්න බෑ. මොකද ආණ්ඩුව කියන්නේ සමස්ත රටේ ජනතාවගේ ආණ්ඩුවක්. ඒක ඒගොල්ලන්ට ආණ්ඩුවෙ කෑලි කෑලි ගන්න බෑ. රටේ ජනතාවට සාධාරණත්වය ඉෂ්ඨ කළ යුතුයි" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.
ඇසිලින් ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (12) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)