අද (12දා) සිට බස්නාහිර පළාතේ දුම්රිය ගමන් වාර සියයකට අධික ප්‍රමාණයක් ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ‘අරුණ’ට ඊයේ (11දා) පැවසීය.
කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන්ගේ අවශ්‍යතාව මත දුම්රිය ප්‍රමාණය වැඩි කළ බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 36කුත්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 41කුත්, කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 10කුත් සහ පුත්තලම මාර්ගයේ ගමන් වාර 15කුත් වශයෙන් දුම්රිය ගමන් වාර 103ක් අද (12දා) සිට ධාවනය වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන අධිකාරී) ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේය.
උදෑසන කාලයේ ගමන් වාර 51කුත්, සවස් කාලයේ ගමන් වාර 52කුත් වශයෙන් ධාවනය සිදුවන බවද හෙතෙම කීවේය.
(Aruna)