Sunday, August 30, 2026
Follow Us
තවත් ෆයිසර් එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.


අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ට රැගෙන ආ එම එන්නත් මාත්‍රා තොගය විශේෂ ලොරි රථවලින් ගබඩා වෙත රැගෙන ගොස් ඇත.

මීට පෙර ද අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණි.

මේ දක්වා මෙරටට සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් V හා ෆයිසර් යන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 8,571,000ක් ලැබී ඇත.

(Aruna)