Saturday, August 09, 2025
Follow Us
බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර සියයක් දක්වා ඉහලට

හෙට දිනයේ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර සියය දක්වා වැඩිකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

බස්නාහිරි හැර සෙසු පළාත්වල ද පෙර පරිදි දුම්රිය ධාවනය කරවීමට කටයුතු යොදා තිබේ.

මේ අනුව උදේ වරුවේ දුම්රිය ගමන්වාර 50ක් සහ සවස් වරුවේ දුම්රිය ගමන්වාර 50ක් වශයෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.

එම දුම්රිය ධාවන කාලසටහනට අනුව ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මීරිගම,වේයන්ගොඩ, ගම්පහ, සහ රාගම සිට දුම්රිය ගමන්වාර 17ක් ද, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම, කළුතර, මොරටුව,පානදුර සහ ගල්කිස්ස සිටි දුම්රිය 20ක් ද, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුවේ සිට දුම්රිය ගමන්වාර 8ක් ද , කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල කොස්ගම සහ පාදුක්කේ සිට දුම්රිය ගමන්වාර 5ක් ද වශයෙන් දුම්රිය 50 කොළඹට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(Aruna)