Saturday, August 09, 2025
Follow Us
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති උපදෙස්වලට අනුව කිසිදු බැතිමතෙකුගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් කතරගම වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.

මේ අතර අගෝස්තු මස 9 වනදා කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යයේ කටයුතු ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවා.

(Neth)