ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1537 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1515 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 22 දෙනෙකු වශයෙනි.
මෙසේ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1500 මට්ටම ඉක්මවා ගියේ දින පහකට පසුවය.
මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 271,483ක් දක්වා ඉහළ ගොස් ඇත.
(LNW)