පන් පිටි මිල ඉහල නොදමන බව සෙරෙන්ඩිබ් පිටි පුද්ගලික සමාගම විසින් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
එම සමාගම විසින් පිටි මිල කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 18 කින් පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමඟ බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදුවන බව ප්‍රකාශ කරන ලදි.
එම මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සෙරෙන්ඩිබ් පිටි මෝල් පුද්ගලික සමාගම වෙත අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ආරම්භ කර එම සමාගමේ නියෝජිතයින් සාකච්ඡාවකට කැඳවා මෙම මිල වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෙරෙන්ඩිබ් පිටි මෝල් පුද්ගලික සමාගම විසින් පිටි මිල වැඩි කිරීමක් සිදු නොකරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමන් වෙත අද දින (09) දන්වා ඇත.
එමෙන්ම ප්‍රීමා සමාගම පිටි මිල කිසිදු වැඩි කිරීමක් මේ දක්වා සිදු නොකරන ලදි.
මෙම සමාගම් දෙකම වර්තමානයේ මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව රජය මැදිහත් වී යම් සහන ලබා දීමට අදාල අංශ සමඟ සාකච්ඡා කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමන් වැඩි දුරටත් සඳහන් කරන ලදි.
ඒ අනූව පිටි හා පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමක් සිදු නොවනු ඇත.
(Aruna)