කොවිඩ් අවදානම් දීමනාවක් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලුම ග්‍රාම නිලධාරීහු ලබන සතියේ සිට එන්නත්කරණයට අදාළ ලේඛන සකස් කර දීම හැර කොවිඩ් සම්බන්ධ අනිකුත් රාජකාරිවලින් ඉවත් වීමට සූදානම් වෙති.
එම සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී.කමල් කිත්සිරි ප්‍රකාශ කළේ කොවිඩ් රාජකාරිවල නිරත නිලධාරීන්ට, ග්‍රාම නිලධාරීන්ට එන්නත ලබා නොදීම ඇතුළු ගැටලුවලට විසඳුම් නොදීම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවය.
මෙරට තුළ සමස්ත ග්‍රාම නිලධාරීවරුන් දොළොස් දහසක් රාජකාරියේ නිරත වන අතර කොවිඩ් එන්නත ලැබී ඇත්තේ ඉන් නිලධාරීන් එක්දහස් පන්සීයකට පමණ පිරිසකටය. ඔවුන්ද එන්නත ලබා ගෙන ඇත ග්‍රාම නිලධාරින්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නොව තම පදිංචි ප්‍රදේශවල එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගි වීමෙන් බවද කමල් කිත්සිරි මහතා පැවසීය.
(Aruna)