Thursday, August 07, 2025
Follow Us
අපි දැන් වැඩ, ආසාදිතයන් වාර්තා වීම ආයෙත් ඉහළ යයි - උපුල් රෝහණ

වර්ජනයේ නිරතව සිටි මහජන පරීක්ෂකවරුන් යළිත් සුපුරුදු රාජකාරි ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අඩාලව තිබූ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරි දිනවලදී දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යා හැකි බවයි ඒ මහතා පවසන්නේ. කෙසේ නමුත්‍ දෛනික ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව බියට පත් නොවිය යුතු බවත්, පසුගිය දිනවලදී ආසාදිතයන් ප්‍රමාණය පහළ ගොස් තිබුනේ PCR පරීක්ෂණ අවම වීම නිසා බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

එන්නත්කරණ වැඩසටහන සඳහා යුද හමුදාවේ දායකත්වය ලබා ගැනීම අගය කළ යුතු බවත්, ඒ නිසා එන්නත්කරණ වැඩපිළිවෙල වඩාත් වේගවත්ව ක්‍රියාත්මක වන බවත් ඔහු පවසනවා. යුද හමුදාව සතුව සුදුසුකම් සහිත වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු සෞඛ්‍ය නිළධාරීන් සිටින බැවින් යුද හමුදාව යටතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථානවලදී එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර නොගත යුතු බවද උපුල් රෝහණ මහතා පවසනවා.

(LNW)