Thursday, August 07, 2025
Follow Us
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැකියි

ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එබැවින් දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් එකසේ අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඩෙල්ටා වෛරසයට වේගයෙන් ව්‍යාප්ත වීමට හැකියාවක් පැවතුනද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළහොත් එම වෛරසය ව්‍යාප්ත වීම පාළනය කළ හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළේ.

(Neth)