Thursday, August 07, 2025
Follow Us
වනජීවී නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි

වනජීවි නිලධාරීන්ට මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොදීම සම්බන්ධව විරෝධය දක්වා සියලුම වනජීවි නිලධාරීන් අද (07 වැනිදා) ක්ෂේත්‍ර රාජකාරි වල නිරත නොවීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පැවැසුවේය.

සංචාරකයින් සමග කටයුතු කරන තමන්ටද කොවිඩ් එන්නත ලබාදෙන ලෙස වනජීවි සහ වන සංරක්ෂණ ඇමැතිවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දුන්නද, මෙතෙක් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණු බවද ඔහු කීවේය.

ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වූවද, වනජීවි කාර්යාල වල රාජකාරි කටයුතු සිදු කරන බවත්,සතුන්ට යම් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය වුවහොත් එම කටයුතුද සිදුකරන බව ප්‍රභාෂ් කරුණාතිලක කියයි.

මීට ඉහතදී යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වූ අවස්ථාවේදීද වනජීවි නිලධාරීන් ඔවුන්ට මගපෙන්වූ බවත්,කොවිඩ් එන්නත වනජීවි නිලධාරීන්ට ලබා නොදුනහොත් සංචාරකයින් සමග කටයුතු කිරීමට බාධා එල්ලවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

(Aruna)