Wednesday, August 06, 2025
Follow Us
ප්ලාස්ටික් පැදුරුවල නිදා ගැනීම හිතාමතා මරණය ළංකර ගැනීමක්

ප්ලාස්ටික් පැදුරු හා මාගල් භාවිතය තහනම් කිරීමට යෝජනා වුවත් දේශීය පන් කර්මාන්තය සඳහා ප්‍රමාණවත් පරිදි පන් ලබා ගැනීමට නොතිබීම ගැටලුවක් බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

ප්ලාස්ටික් පැදුරු හා මාගල් නිසා විශාල පාරිසරික ගැටලුවකට මුහුණ පෑමට සිදු වී තිබේ.

ප්ලාස්ටික් පැදුරු සහ මාගල්වල නිදා ගැනීම හිතාමතාම මරණය ළංකර ගැනීමක් යැයි විද්වතුන් සඳහන්කර තිබෙන බවත්, ඒවායේ නිදාගැනීමේදී එම ප්ලාස්ටික් මාගල් හා පැදුරු රත්වීමකට ලක් වන බවත්, එමනිසා කාබන්ඩයොක්සයිඩ් වායුව නිපදවෙන බවත් ඇතැම් විද්වතුන් සඳහන්කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

ප්ලාස්ටික් පැදුරු හා මාගල් බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, මේවා අවුරුදු 1000 ක් ගියත් දිරාපත් නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

(Aruna)