Friday, February 27, 2026
Follow Us
15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා විකිණීම : විශේෂඥ වෛද්‍යවරයෙකුත් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අතරින් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරයකු බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) දිනයේදී අත් අඩංගුවට ගත් මේ පුද්ගලයින් දෙදෙනාත් සමග සිද්ධිය සම්බන්ධයෙන් මෙතක් අත් අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 34ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

(LNW)