අතුරු හා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තියවේදීන් ඊයේ (05 වැනිදා) පෙරවරුවේ සිට ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවැරුම හේතුවෙන් රෝහල්වල කටයුතු අඩාළව තිබුණු අතර රෝගීහු පීඩාවට පත්ව සිටියහ.
කෙසේ වුවද තම වෘත්තීය ඉල්ලීම් ඉටුවනතුරු ආරම්භ කර ඇති වර්ජනය ක්‍රියාත්මක කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
ඔහු සඳහන් කළේ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති 9ක් රජයට ඉදිරිපත් කර ඇති කරුණුවලට සාධනීය විසඳුමක් ලැබෙනතුරු වැඩ වර්ජනය අවසන් කිරීමට සූදානම් නොමැති බවය. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි කරන පිරිස්වලට වැඩ වර්ජන සඳහා යාමට අවස්ථාව සලසා දීම සිදු කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවද අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ තම ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍යවරුන්ගේ අණසකට යටත් වී සාකච්ඡාවලදී විසඳුම් ලබා නොදී නිහඬව සිටීම මෙම වර්ජනවලට හේතු වී ඇති බවද රවි කුමුදේශ් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමූහික තත්ත්වයක් නොමැති තීන්දු ගණනාවක් ගැනීම හේතුවෙන් පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා දවසින් දවස අසාධාරණයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කරයි. මෙම වර්ජන අවස්ථාවේ දී ඇතැම් රෝහල්වල ස්වේච්ඡාවෙන් සේවය කරන රසායනාගාර විකිරණවේදීන්ට තඩාන පීඩන සිදු කර ඇති බවටද ඔහු පැවැසුවේය. මේ අතර සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යය සේවකයන්, ගිලන් රථ රියැදුරන්, උපස්ථායක, කළමනාකරණ සභායක ඇතුළු වෘත්තීන් 10කට අයත් සේවකයන් මෙම සිකුරාදා (09 වැනිදා) පැය හතරක විරෝධතාවයක නිරත වීමට ඊයේ (05 වැනිදා) සවස තීන්දු කර ඇත. එම වෘත්තීන්වලට අයත් වෘත්තීය සමිති කොළඹ දී ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වා මෙම තීරණයට එළැඹ ඇත. එළැඹෙන සඳුදා (12 වැනිදා) සහ අඟහරුවාදා (13 වැනිදා) අසනීප නිවාඩුද වාර්තා කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ. මෙම සේවාවන්ට ලබා දීමට පොරොන්දු වූ ඉල්ලීම් මෙතෙක් ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංතශය කටයුතු නොකිරීම මෙම වර්ජන ක්‍රියාමර්ගයට හේතු වී ඇත.
මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් රොහල් තුළ ක්‍රියාත්මක කරනු ලබන වර්ජන හේතුවෙන් කොවිඩ් පරීක්ෂණ කටයුතුවලට බාධා ඇති වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාත්මක කළ වර්ජනය සමග පෙරේදා (04 වැනිදා) සිදු කළ දෛනික පී.සී.ආර්. ප්‍රමාණයේ දත්ත නිසි ලෙස ලබා ගැනීමටද නොහැකි වී ඇත.
පෙරේදා (04 වැනිදා) මෙරට ජනතාවට සිදු කළ පී.සී.ආර්. ප්‍රමාණය 9279ක් ලෙස වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත.
(Aruna)