Friday, February 27, 2026
Follow Us
ඩෙල්ටා රෝගියෙක් සිටි ගාමන්ට් ෆැක්ට්‍රියේ 14කට කොවිඩ්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට හඳුනා ගත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අසාදිතයින් පිරිසට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වී නොමැති අතර ඔවුන්ගේ පවුලේ අය ඇතුළු ආශ්‍රිතයින් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබේ.

කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගෙන් පිරිසකට පමණක් කොවිඩ් එන්නත ලබා දී ඇති අතර කර්මාන්තශාලාවේ සියලුම දෙනාට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

(Aruna)