Sunday, August 30, 2026
Follow Us
ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)