වයස අවුරුදු 15ක දැරියක අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය කුමක්ද යන්න අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව අදාළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මොහු පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පැවසේ.
මේ අතර එම වෙබ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පිළියන්දල මාවිත්තර අළුබෝලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය මගින් සිදුකර ඇත.
සැකකරුවන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(Aruna)