Wednesday, August 06, 2025
Follow Us
හෙරොයින් ජාවාරමේ නිරිත වූ තවත් බන්ධානාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

පරීක්ෂණ කිහිපයක් සඳහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම රෝහලේ තවදුරටත් රැදී සිටීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා.

දනහිසේ හටගත් ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වූ පරීක්ෂණ කිහිපයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට රැගෙනවිත් ඇත්තේ මීට දින තුනකට පෙරයි. එම පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් වී ඇති බවත් රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් හරහා තවදුරටත් එම රෝහලේම රැදී සිටීමට ඔහු කටයුතු කරමින් ඇති බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 05ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාල හෙරොයින් මිගමුව කොච්චිකඩේ කාන්තාවකට ලබා දීමට පැමිණි අවස්ථාවේදී බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. අදාල බන්ධනාගාර නියාමකවරයා අඹේපුස්ස බන්ධනාගාරයට අනියුකත්ව සේවය කරනු ලබනවා.

පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය ලබා ගත් කාන්තාව ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

(Neth)