ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.
ඒ අනුව පොතුහැර පොලිස් ස්ථානායේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ එම් ජේ ඩබ්ලිව් කේ අමරසිංහ මාරු කර ඇත්තේ මරදන්කේනි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙසයි. මානව හිමිකම් කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ පොලිස් පරීක්ෂක පී පී එන් ප්‍රේමසිරි පොතුහැර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබෙනවා.
මීට අමතරව කළුතර කොට්ඨාශයේ සිට කළුතර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස පොලිස් පරීක්ෂක ඩී එල් ඒ නයනජිත් ස්ථානමාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි එස් එච් අයි තුෂාර ද සිල්වා පොලිස් විද්‍යාලයේ සිට කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර තිබෙනවා.
(Neth)