ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසනවා. ඒ සදහා පත් කළ කමිටුවට හානිය ගණනය කිරීම සදහා මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා. එහෙත් මෙවැනි සංකීර්ණ කටයුත්තක් එවැනි කාලයකින් සිදුකළ නොහැකි බවටයි එම අධිකාරියේ මතය වී තිබෙන්නේ.
මේ හේතුවෙන් ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබාගැනීමද ප්‍රමාද විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් වන්දි ගණනය කිරීමට අදාළ පළමු වාර්තාව ලැබෙන තෙක් නෞකාවෙන් මෙරටට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර වැඩිදුරටත් සදහන් කළා.
(Neth)