Wednesday, August 06, 2025
Follow Us
හදිසි වර්ජනයෙන් කොරෝනා මර්දන රාජකාරීවලටත් බලපෑම්

සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 13ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොරෝනා මර්දන රාජකාරී සඳහාද බලපෑම් එල්ලවී තිබෙනවා. අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණේ සභාපති, උපුල් රෝහණ පැවසුවේ සාමාන්‍ය රාජකාරිවලින් සිය සාමාජිකයින් මේ වන විට ඉවත්වී ඇති බවයි.

රසායනාගාර ආශ්‍රීතව සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සඳහාද බලපෑම් එල්ල විය හැකි බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 07න් 05කට කඩිනමින් විසදුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ලැබුවා. ඒ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. අනෙකුත් ඉල්ලිම් 02කට අදාල විසදුම් මීලග අයවැයෙන් ලබා දීමටද ජනාධිපතිවරයා එහිදී එකගතාවය පළ කර තිබෙනවා.

කෙසේවෙතත් හෙද සේවයේ වෘත්තීය සමිති ඉල්ලීම් සඳහා විසදුම් ලබා දීමේදී තමන්ට අසාධාරණයක් සිදුවන බවයි අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණේ සභාපති, උපුල් රෝහණ පැවසුවේ.

(Neth)