Friday, February 27, 2026
Follow Us
විදෙස් රටවලින් පැමිණි 68ක් ඇතුළුව කොවිඩ් රෝගීන් 1883ක්. සමස්තය 260,000 ඉක්මවයි

ඊයේ (01) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1883ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1815 දෙනෙකු සහ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය ලක්වෙමින් සිටින 68 දෙනෙකු වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 260,972ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(LNW)