Tuesday, August 05, 2025
Follow Us
නැවේ ගින්නෙන් මුහුදු පත්ලේ තැන්පත් වූ කොටස් සොයයි

එකස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් අනතුරුව මෙරට සාගර පතුලේ තැන්පත් වී ඇති බහාලුම් ඇතුළු කොටස් සෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් මුහුදු පතුල ස්කෑන් කරමින් ඒ පිළිබඳව සොයා බලන බව ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කරයි.

එම පරීක්ෂණ ලබන 02 වැනිදා අවසන් කරන අතර ඉන් අනතුරුව එම බහාලුම් ඇතුළු කොටස් සාගර පතුලෙන් ඉවත් කර ගන්නා ලෙස නෞකාව අයත් සමාගමට හා මේ වනවිට නෞකාව නිරීක්ෂණය කරන සමාගමට දැනුම් දීමට නියමිතයි.

එතෙක් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු යෙදීම වළක්වමින් පනවා ඇති තහනම ක්‍රියාත්මක බව ද ඔහු පැවසී ය.

ධීවර අධ්‍යක්ෂ ජනාරාල්වරයා පැවසුවේ, ධීවර යාත්‍රා ඇතුළු ආම්පන්නවලට සිදුවන හානි වැළැක්වීම පිණිස මේ පියවර ගෙන ඇති බවයි.

(Aruna)