Tuesday, August 05, 2025
Follow Us
ගස්ලබු රට යැවීමෙන් විශාල ආදායමක් මෙරටට

ගස්ලබු අපනයනයෙන් 2018 වසරේදී රුපියල් පනස්හත්කෝටි තිස්අටලක්ෂයක් සහ 2019 දී රුපියල් කෝටි එකසිය තුනක ආදායමක් ලබාගෙන ඇත.

එම වසර දෙක තුළ පිළිවෙලින් ගස්ලබු මෙට්‍රික්ටොන් හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකක් සහ මෙට්‍රික් ටොන් හැත්තෑඅටදහස් අටසිය හතළිස් තුනක් මෙරටදී නිෂ්පාදනය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

(Aruna)