Sunday, August 03, 2025
Follow Us
හඩ්සන්ගේ සේවය යළිත් ගුවන්විදුලි සංස්ථාවට !

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පත්කර තිබෙනවා. 1969 වසරේදී ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු ඔහු මීට පෙර අවස්ථා තුනකදී ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර දරා තිබෙනවා.

මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ පළමු FM නාලිකාව වන සිටි FM නාලිකාව ආරම්භ කිරීමට පුරෝගාමියා වූයේද හඩ්සන් සමරසිංහ මහතායි.

ඔහු 1991 වස‍රේදී එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද තේරී පත් වූ අතර පසුව 1994 ජනාධිපතිවරණය සඳහාද ඉදිරිපත් විය.

(LNW)