Sunday, August 03, 2025
Follow Us
සරසවි සිසුන්ට සහ ආචාර්යවරුන්ට කොවිඩ් එන්නත ඉල්ලයි

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ද එන්නත් ලබාදෙන ලෙස උපකුලපතිවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමයට සිදුකරන අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා පැවැති සාකච්ඡාවක දී උපකුලපතිවරුන් එම ඉල්ලීම සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සිදුකළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

(Aruna)