Sunday, August 03, 2025
Follow Us
මෙරට මත්පැන් පානය පහළ බසී

මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


මෙරට ජනතාව පූර්ව කොවිඩ් සමයේදී මත්පැන් පානය වෙනුවෙන් දිනකදී රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වැය කර ඇත.

එම මුදල මේ වන විට රුපියල් කෝටි 35 දක්වා පහත බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර සමහර පිරිස් නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට පෙළඹීම , මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල් ,තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම යන ආදී හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇති බව ඔවුන් සඳහන් කරයි.

(Aruna)