Sunday, August 03, 2025
Follow Us
මාස දෙකකට පසු දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1700 මට්ටම දක්වා පහළ බසී

ඊයේ (29) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1717ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1709 දෙනෙකු සහ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 08 දෙනෙකු වශයෙනි. දෙනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 1700 මට්ටමට ළඟා වු‍යේ මාස දෙකකට පසුවය.

මේත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 257,225ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)