Sunday, August 03, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන 3000 ඉක්මවයි

කොවිඩ් මරණ 45ක් ජුනි 28 වනදා වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් වන බව වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

(Aruna)