Friday, February 27, 2026
Follow Us
ඇඟලුම් කර්මාන්ත ශාලාවක 43දෙනෙකුට කොරෝනා

ගාල්ල බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.


ප්‍රදේශයේ සෞඛ්‍යය අංශ සදහන් කළේ පසුගිය දින කිහිපයේදී කර්මාන්තශාලාවේ 260දෙනෙකු කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කර ගත් බවයි.

එලෙස කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අතර එම කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ කිහිපදෙනෙකු ද සිටින බවට වාර්තා වේ.

එම කර්මාන්ත ශාලාවේ 400ක පමණ පිරිසක් සේවය කරන බව සෞඛ්‍යය අංශ පැවසීය.

(Aruna)