Friday, February 27, 2026
Follow Us
පුවක් මිල ඉහළට

වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුවක් අස්වැන්න අඩුවී තිබෙන බවත් ඒ අනුව පුවක් මිල ඉහළ ගොස් ඇති බවත් පුවක් වගාකරුවන් සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවල පුවක් ගෙඩියක මිල රුපියල් 15 සිට රුපියල් 20ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

පුවක් මිල ඉහළ යාම හේතු කොට ගෙන බුලත් විටක මිල ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මැද දුම්බර, කුණ්ඩසාලේ, පන්විල යන ප්‍රදේශවල පුවක් වැඩි වශයෙන් වගා කරන අතර පැවති කාලගුණ තත්ත්වය ද පුවක් අස්වැන්න අඩුවීමට හේතුවක් වී තිබේ.

(Aruna)