Sunday, August 03, 2025
Follow Us
පෞද්ගලික ආයතනවලට දුන් වැටුප් සහනය අවසන්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත හා ව්‍යාපාරික ආයතනවල සේවයකයන්ට වැටුප් ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අවසන් කිරීමට ජාතික කම්කරු උපදේශක සභාවේදී තීරණය කර ඇත.


මෙවැනි පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් දෛනිකව සේවයට වාර්තා කිරීමටත් කර්මාන්තශාලා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් ආණ්ඩුව අවසර ලබාදී ඇත.

රැකියා අහිමි නොකිරීම, වැටුපෙන් 50%ක් ගෙවීම, නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදීම වැනි සහන රැසක් පෞද්ගලික අංශයේ සේවකයන්ට කොවිඩ් වසංගතය පැවැති කාලයේ ලබාදීමට කම්කරු අමාත්‍යාංශය, සේවා යෝජකයන් සමග සාකච්ඡා කර කටයුතු කර තිබිණි.
එහෙත් සංචාරක ක්ෂේත්‍රය තවමත් යථා තත්ත්වයට පත්වී නොමැති බැවින් ලබාදුන් සහන මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා එම ක්ෂේත්‍රයට ක්‍රියාත්මක කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

(Aruna)