Sunday, August 03, 2025
Follow Us
එන්නත ලබාගත් දස ලක්ෂය දත්ත පරිගණක ගත වී නෑ

කොවිඩ් එන්නත් ලබාදුන් පුද්ගලයන් දස ලක්ෂයකගේ දත්ත පරිගණක ගත කිරීමක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇත.

එන්නත්කරණය ආරම්භයේදී නිසි අයුරින් එන්නත් ලබාගන්නා පුද්ගලයන්ගේ දත්ත පරිගණක ගත කිරීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම මීට හේතුව බවද හෙළි වී ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සියලුම එන්නත්කරණ දත්ත එක්රැස් කර දත්ත ගබඩාවක් සකස් කිරීමට ලබාදුන් පසුව මේ බව අනාවරණය වී ඇත.

එන්නත් ලබාදීමේදී අතින් ලියූ ලිපි ලේඛන හා ටැබ් යන්ත්‍රවලට දැමූ දත්ත එක් තැනකට රැස් කිරීමේ වැඩපිළිවෙළ ගුවන් හමුදාව අරඹා ඇති බවත්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ‘අරුණ’ කළ විමසුමකදී පැවසීය.

(Aruna)