Saturday, August 02, 2025
Follow Us
තිස්සමහාරාම වැවේ ප්‍රතිසංස්කරණයට අවසරය අරගෙන නෑ

චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් තිස්සමහාරාම වැවේ කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා තම නිලධාරි කණ්ඩායමක් යෙදවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සියලුම ආකාරයේ මෙවැනි සංවර්ධන කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවරසය ලබා ගැනීම අනිවර්යය වුවද බොහෝ කාලයක් වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙය සිදු නොවූ බව ඔහු සඳහන් කරයි.

ඉපැරණි වැව් හාරන්නේ නම්, හානි ඇගයීම් සමීක්ෂණයක් සිදු කළ යුතු බවත් වැව හැරීමේ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පුරාවිද්‍යා ක්‍රමවේදවලට අනුව සිදු කරන ලෙස දැනුම් දුන් බව ත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

(Aruna)