Saturday, August 02, 2025
Follow Us
පිළිකාකාරක පොල්තෙල් තොගයක් තවමත් තෙල් ගබඩා තුල

මෙරටට ආනයනය කරන ලද පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොගය සම්බන්ධව රේගු පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදන්ත අයි. සිල්වා කීවේය.

අදාළ පොල්තෙල් තොගය’ අලි බ්‍රදර්ස් සමාගමට අයත් ගබඩාවේ තවදුරටත් තැන්පත් කර තිබෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කෙසේ නමුත් අදාළ විෂ කාරක පොල්තෙල් තොගයද කඩිනමින් මැලේසියාව බලා අපනයනය කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)