Saturday, August 02, 2025
Follow Us
ආරක්ෂිත සහල් තොගවලට සිදු වූ දේ ගැන ගොවි සංවිධානයක් සැකයෙන්

සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ගැටලු සහගත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ රජය මගින් ආරක්ෂිත තොග පවත්වා ගැනීම සදහා මීට පෙර රුපියල් මිලියන 700 ක් වෙන් කර තිබූ බවයි. එම මුදල්වලින් මිලදී ගත් වී තොගවලට සිදු වුණේ කුමක්දැයි ගැටලුවක් මතු වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නා.

රට තුළ අතිරික්ත වී තොග මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 50 කට අධික ප්‍රමාණයක් පවතින බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩි දුරටත් සදහන් කළා.

(Neth)